Monday, February 17, 2014

තවත් අභිරහස් යානයක් මුල්ලෙරියාවෙන්



          පසුගිය 5 වනදා රාත්‍රී 11.30 ට පමණ සේවය නිමවී යතුරු පැදියෙන් නිවසට යන නිවසට එන සිරිපැරකුම්බා මාවතේ පදිංචිකරුවෙක් එම මාවතට ඇතුළු වන තැනදී තමන් අඩි 100 කට පමණ ඉහල අහසේ නැවතී තිබෙන කවාකාර වස්තුවක් දුටු බව කියයි.එහි ඔහු දුටු පැත්තේ දීප්තිමත් ආලෝක ලප 6 ක් වූ බවද වාර්තා වේ.ඔහු සිය යතුරු පැදියේ නැගී මෙම වස්තුව පිටුපස ලුහුබැද ගියද එය අසල වෙල් යායක් අද්දරින් අතුරුදන්වී ඇත.

           සිද්ධිය අසා සිටි එම මාවතේ පදිංචි තවත් පුද්ගලයෙක් ඊට පසු දින රාත්‍රියේ 11:45 – 11:55 පමණ වන විට එම හදුනා නොගත් වස්තුව දැක ඇත.ඔහු දැක ඇති වස්තුව අර්ධ කවාකරා වස්තුවක් වන අතර ඔහු දුටු පැත්තේ අලූක ලප තුනක් තිබී ඇති අතර දෙපසින් නිවී නිවී දැල්වෙන ආලෝකයක්ද දැක ඇත.

           ඊට පසු දින (7) වන දා ප්‍රදේශයේ පොලිසියද දැනුවත් කර පොලිස නිලධාරීන් හා ප්‍රදේශවාසීන් පිරිසක් එකතු වී හදාගෙන යන ගොඩනැගිල්ලක් මතට වී මෙම අත්භූත වස්තුව නරඹා ඇත.එදින කැලණිය ප්‍රදේශයේ සිට කොළඹ දෙසට එම වස්තුව ගමන් කරනු ඔවුන්ට දැක ගැනීමට හැකිවී ඇත. ඉන් පසුව පොලිස් නිලධ්රින්ගේ සහය ඇතුව මේ පිලිබදව ආතර් සි ක්ලාර්ක් මධ්‍යස්ථානයට මේ පිලිබදව දැනුවත් කර ඇත.

           කඩුවෙල අහසේ හා මුල්ලේරියාවේ දිස් වූ ආලෝක සැබවින්ම දුටු දර්ශන වන අතර ඒ පිළිබද පොලිසියට හා ආතර්.සි ක්ලාක් මධ්‍යස්ථානයට දැනුම් දී ඇත.


Comment එකක් දම යන්නඅමතක කරන්න එපා........

No comments:

Post a Comment